ජනවාරී 20 වනදා පඩි ,පොරොන්දු වූ ගාන නැත්නම් බලාගම්මු

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳාලීමට අදාල චක්‍රලේඛය කඩිනමින් නිකුත් කර ඊට අදාල වැටුප ජනවාරියේ සිට ලබා නොදෙන්නේ නම් යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ දක්වා අදාල චක්‍රලේඛය පවා නිකුත් වි නොමැති බවයි.
අයවැයෙන් මිලියන ගනනක මුදලක් වෙන්වී ඇති බවත් එම මුදල හරහා ජනවාරී වැටුපේ සිට ගුරු විදුහල්පති වැටුප් විශමතාවයන් ඉවත් විය යුතු බවත් පවසන ඔහු යම් හෙයකින් ජනවාරි 20 වන දින වැටුපෙන් මෙය සංශෝධනය නොවුනහොත් නැවත වෘතීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව සදහන් කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?