Indian Premier League

ජනපති සහභාගීත්වයෙන් ඉෆ්තාර් උත්සවයක් (ඡායාරූප)

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.

ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මෙහි පිළිගැනීමේ කතාව සිදුකළ අතර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් ද උත්සව සභාව ඇමතුවා.

ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ මෙහිදී විශේෂ දේශනයක් සිදු කළා.

විශේෂ යාඥා මෙහෙයෙන් පසු පස්වරු 6.23ට අද (14) දින උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර, ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත් වුණා.

මේ අතර ජනාධිපතිවරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?