ජනාධිපති වරයා විසින් අද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කළ යුතු බවයි.
එම ප්‍රකාශය පිළිබඳව අද සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එම පක්ෂයේ මහ ලේකම් විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණා.
එම නිවේදනය මගින් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉහත ප්‍රකාශය සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි පළාත් පාලන මැතිවරණයකදී පැහැදිලි පරාජයක් අත් වීමට නියමිත නිසාවෙන් බවයි.
වැඩිදුරටත් එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමේ බලය ජනාධිපතිවරයා යටතට ගැනීමටද මේ වන විත උත්සාහයක නිරත වන බවයි.
තවද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ පටු අරමුණු සාධනය කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණයක් හෝ ඕනෑම මැතිවරණයක් කල් දැමීමට ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියා ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවයි.
සමගි ජන බලවේගය මගින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය පහතින්