ජනපති ජාතිය අමතා කළ කතාව ගැන විවාදයක්

ලබන ජූනි 20 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ 20 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්ව අතර පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි.

පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වෙනවා. අනතුරුව පස්වරු 5.00ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු වනවා.

පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙනා යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ජුනි මස 21 වැනි බදාදා පෙරවරු 09.30 සිට පස්වරු 5.30 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

අනතුරුව පස්වරු 5.30ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිතයි.

ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 – 10.30 කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

අනතුරුව, පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා, විරුද්ධ පාර්ශවය ගෙනා යෝජනාවකට අනුව 2023.06.01 දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය වූ බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළා.

ජුනි මස 23 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා පළ කිරීමටයි.

මේ අනුව එදින පෙරවරු 09.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ලැරීන් පෙරේරා මහත්මිය, රෙජිනෝල්ඩ් කුරේ මහතා, බුද්ධික කුරුකුලරත්න මහතා සහ මුත්තු සිවලිංගම් මහතා වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමටට කාලය වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයියෝ.. කොහේ ඉඳලා එනවද මන්දා - මාධ්‍යවේදීන්ව දැක්ක මෛත්‍රීට තදවෙයි
02:03
Video thumbnail
රෝහිතගේ දුව බයේ ගෙදරින් පැනලා ගිහින් ??
01:03
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11


?