Fly high Get bonus Aviator Phone

ජනපතිගේ හදිසි නීති රෙගුලාසි ගැන අධිකරණයේදී කරුණු දැක්වීමක්

අරගලය පැවති සමයේ වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් විධිමත්ව අනුමත කර ඇති නිසා එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුනනාදන් හා ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ගොනු කළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුකරයට පාදක වන හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව හමුවේ නිසි පරිදි විවාද කර සම්මත කරගෙන තිබෙන බවයි.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව එලෙස සම්මත කරන ලද රෙගුලාසි අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට බලයක් නොමැති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

ශිරාණි බණ්ඩාරනායක එරෙහිව චමල් රාජපක්ෂ නඩු තීන්දුව තුළින් එම කරුණ මනාව තහවුරු කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

යම්කිසි හදිසි නීති රෙගුලාසියක වලංගුභාවය පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවත් පාර්ලිමේන්තුව විසින් එය විධිමත්ව සම්මත කර ඇති අවස්ථාවක එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු පෙන්වා දුන්නේ මෙම නඩුකරය කිසිසේත්ම මහජන සුභසාධන නඩුකරයක් නොවන බවයි.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරයාගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වැඩිදුර පෙත්සම් විභාගය ජනවාරි මස 30 වනදා දක්වා තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?