ජනපතිගේ කතාව අතර මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

නව වැනි පාර්ලිමේන්තුවේ හතරවන සභා වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ රාජසන කතාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කටයුතු කළා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී රාජසන මේනියාව වශයෙන් පවසමින් ඔවුන් සභා ගර්භයෙන් ඉවත්ව ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගය (NPP) එම අවස්ථාව වර්ජනය කලා.

ජනාධිපතිවරයා කතාව ආරම්භ කරන විට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප සභා ගැබෙන් පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?