Fly high Get bonus Aviator Phone

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාවට හෝ මාධ්‍යයට සඟවා තැබීමට තමා සතු ව කිසිවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ පෙරේ දා (27) පැවති මාධ්‍ය හමුවක දී. ආණ්ඩුවේ අඩුපාඩු ඇති නම්, ඒවා විවේචනය කිරීමේ අයිතිය ඕනෑ ම අයෙකුට පවතින බවත් එවැනි සාධාරණ විවේචන පිළිගැනීමට තමන් නිබඳව ම සූදානම් බවත් ඔහු එහි දී අවධාරණය කළා.

තමාගේ එක ම අරමුණ ජනතාව විසින් තමා ව ජනපති ලෙස පත්කිරීමෙන් බලාපොරොත්තු වූ දෑ ඉටු කිරීම බව සඳහන් කළ ජනපතිවරයා, එහි දී සිදු වන අඩුපාඩු පෙන්වීම සඳහා ජනතාවට ඇති අයිතිය ද අවධාරණය කළා.

තමන් බලයට පැමිණ ඉනික්බිති කොවිඩ් වසංගතය පැමිණි බව සඳහන් කළ ජනපතිවරයා, ඒ තුළින් තමා බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑම තරමක් මන්දගාමී වූ බව ද පැවසුවා.

ධනවත් රටවල් ඊට විධිමත් ලෙස මුහුණ දුන්නේ, එම රටවල් තුළ පැවති ආර්ථිකමය ශක්තිමත්භාවය නිසා බව යි ඔහු පෙන්වා දුන්නේ.

කිසිදු අයෙකු සමඟ තමාට තරගයක් නැති බවත් තමාට ඇත්තේ රට හැදීම පිළිබඳ තරගයක් පමණක් බවත් සඳහන් කළ ජනපතිවරයා, ඊට අවශ්‍ය සහාය ඇතැම් අයගෙන් නො ලැබෙන බව ප්‍රකාශ කළා.තමාට හුරුපුරුදු වන්නේ, සාමුහික ව කටයුතු කිරීමේ කලාව බව අවධාරණය කළ ජනපති සඳහන් කළේ, එකාවන් ව සටන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයකට අවශ්‍ය සාමුහිකත්වය ගොඩනගාගත යුතු බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?