ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් ලෙස ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (29) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුනහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා සිටියා.

මේ අතර, දිස්ත්‍රික් සංවර්ධන සභා ආරම්භ කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අයවැය කාරක සභා අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?