spot_imgspot_img
spot_img

ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

කාලීන සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙරට මැතිවරණ නීති තවදුරටත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් එම පක්ෂ පිළිබඳ මහජනතාවගේ විශ්වාසනීයත්වය බිඳ වැටී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද සොයා බැලීම මෙම පරීක්ෂණ කොමිෂන් සභාවට බලය පැවරෙන බවයි.

විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාත් ඩෙප්, සුන්දරම් අරුමෛනායගම්, සේනානායක අලිසැන්ඩ්‍රලාගේ, ජනාධිපති නීතිඥ ජයන්ත අබේසේකර, රජිත සේනාරත්න, මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු සහ දීපානි රොඩ්රිගෝ මෙහි සාමාජිකයන් ලෙසට පත්කර තිබෙනවා.

2354 06 S 1 scaled
2354 06 S 2 scaled
2354 06 S 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?