ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරීමේ දී අය කෙරෙන ගාස්තු ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක ආයතනයක් පළමු වරට ලියාපදිංචි කිරිමේ දී මෙතෙක් පැවැති රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 35,000කින් ඉහළ නංවා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ එහි නව ගාස්තුව රුපියල් 50,000ක් බවයි.

මීට අමතරව ලියාපදිංචිය අළුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා රුපියල් 15,000කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අදාළ බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000ක් ලෙසත් බලපත්‍රය කල් ඉකුත් වී දින 31ත් 90ත් තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000ක් ලෙසත් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

දින 90න් පසු ප්‍රමාද ගාස්තුව රුපියල් 35,000ක් ලෙසත් සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධන පසුගිය පෙබරවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවට ද එම ගැසට් නිවේදනයේ සදහන්.

Special Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?