ජනතා හැසිරීම හොද නෑ.. සංචරණ ලිහිල ගැන තද තීන්දු ගන්නවා..- හමුදාපති

රට පුරා සංචාරණ සීමා පනවා ඇති කාලසීමාවේ ලබා දුන් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් ගැන යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

විවිධ රැකියා කරන පුද්ගලයන්ගේ පහසුව සඳහා ලබා දී ඇති සහන සහ නීති ලිහිල් කිරීම සමහරු අවභාවිතා කරන තත්ත්වයක් පැමිණි පෙනෙන්නට ඇතැයි ද එසේ කිරීමෙන් වළකින ලෙසද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනතාව එසේ හිතුමතේ කටයුතු කළහොත් කොරෝනා පාලනය දුෂ්කර වනු ඇතැයිද පැවසූ ඔහු බොහෝ දෙනෙකු ගේ හැසිරීම ඉතා යහපත් වුවද ඇතැමුන්ගේ හැසිරීම ඉතාමත් නරක බව ද කියා සිටියේය.

ප‍්‍රධාන මාර්ග කිහිපයක ජනයාගේ පැමිණීම තරමක වැඩිවීමක් ඊයේ දක්නට ලැබුණු බවද පැවසූ ඔහු පවතින වැඩපිළිවෙළේ අඩුපාඩු ගැන නිරීක්ෂණය කර ඒවා වැළැක්වීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බවද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?