ජනතාව කලබලයෙන්.. ඔක්සිජන් සිලින්ඩර් නිවාසවල ගොඩගසා ගනිති..

අද වන විට මෙරට ජනතාව වෙළඳපලේ ඇති ඔක්සිජන් සිලින්ඩර මිලට ගෙන තමන් නිවාස වල ගොඩ ගසා ගන්නා තත්ත්වයක් උදා වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරයි.

මෙම සිලින්ඩර රුපියල් ලක්ෂය දක්වා වූ ඉහළ මිල ගණන්වලට නිවසට ගෙන ගියද මේ මෙම කටයුත්ත ඉතාම අනවශ්‍ය ක්‍රියාවක් බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

සැබෑ ලෙසම ඔක්සිජ්න අවශ්‍ය පුද්ගලයෙකුට වුවද ඔක්සිජන් ලබා දිය යුතු බව ප්‍රමාණයන් හා ක‍්‍රමවේදයන් නොදැන ඒවා ගබඩා කර ගැනීමෙන් පලක් නැති බව ද ඒ මහතා කියා සිටී.

ඔක්සිජන් පුද්ගලයෙකුට වැඩිපුර ලබා දුන්නොත් එම පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වය ඇති විය හැකි බවද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

(පින්තූරය අන්තර්ජාලයෙනි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?