ජනතාවට මුදල් රාජ්‍ය ඇමතිගෙන් තුති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් එහි සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයකටම අවතීරණ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (19) අනුරාධපුරයේ දී ඔහු මෙම අදහස් පළකළා.

ඒ, අනුව නිශ්චිත කාල රාමුවකට අනුව සකස් කරන ලද වැඩපිළිවෙලකට අනුගත වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සඳහා තමා වෙත පැවරූ වගකීම සම්බන්ධයන් අදහස් දක්වමින්, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සියළුම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ගමන් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 04ක් තුළ ලැබීමට නියමිත බවත්, ඩොලර් මිලියන 300ක් වන පළමු ණය මුදල මාර්තු මස අග දී මෙරටට ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ වන විට රට තුළ සිදු කර ඇති දුෂ්කර ප්‍රතිසංස්කරණ හමුවේ මහජනතාව කෙසේ හෝ අභියෝගයන්ට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනට සහයෝගය ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?