ජනක රත්නායක ඉදිරියේ දී හෙලිකොප්ටරයෙන් හෝ දුරකථනයෙන් – බලශක්ති ඇමති

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී හෙලිකොප්ටරය හෝ දුරකථනය නියෝජනය කරන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීමේ සැලසුමක් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හෙළි කළා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අද (29) පෙරවරුවේ පැවති විශේෂ මධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවයි.

එය එළඹෙන 08 වනදා රැස්වෙන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?