ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස්වරයාගේ තීරණය හෙට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා හෙට දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම මැතිවරණය පැවැත්වීම පිළිබද රිට් පෙත්සම සලකාබැලීම අධිකරණය විසින් මැයි මස 11 වනදා දක්වා කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයින් ඇතුළු නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබදව මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රමුඛ නිලධාරීන් හෙට දිනයේදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.

ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් මස 24 වැනිදා රැස්වු අතර එහිදී ඔවුන් තීරණය කරනු ලැබුවේ සිය පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පළාත් පාලන ආයනත ඡන්ද විමසීම නොපැවැත්වීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?