Fly high Get bonus Aviator Phone

ඡන්දය කල් දාන්න ඉල්ලු පෙත්සම අද විභාග කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පවසන්නේ එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවීමට නියමිත බවයි.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත්කල පෙත්සම, පසුගිය 10 වනදා සලකා බැලූ අවස්ථාවේදී එය වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

කෙසේවෙතත් එය 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් නැවත මෝසමක් ගොනු කිරීමත් සමගයි
ශ්‍රේෂ්ඨාධිකරණ අද පෙත්සම සලකා බැලීමට තීරණය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?