spot_imgspot_img

චෙන්නායි නුවරදී ශ්‍රී ලාංකිකයෙක් පැහැර ගනී

ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවරට ගිය 50 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබෙනවා.

ඉන්දීය පොලිසිය මෙම ශ්‍රී ලාංකිකයා බේරාගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේ.

ඇනා නගර් බටහිර ප්‍රදේශයේ පදිංචි කේ. චිත්‍රා (43), එම්. රියාස් අස්කාර් (47), බටහිර කේකේ නගර්හි ජී. වෙල්මුරුගන් (41) සහ කේ. දිනේෂ් (31) යන පිරිසක් විසිනුයි මොහොමඩ් ශ්‍යාම් නම් මෙම පුද්ගලයා පැහැරගෙන ඇත්තේ. ඔහු දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ චෙන්නායි හි උතුරු ප්‍රදේශයේ මන්නාඩි ප්‍රදේශයේ Parry’s Corner වෙළඳ සංකීර්ණයක නතර වී සිට තිබෙනවා.

ඉන්දීය පොලිසිය පැවසුවේ තමන් ශ්‍යාම්ගේ දියණිය ලෙස හඳුන්වා ගත් කාන්තාවකගෙන් පාලක මැදිරියට දුරකථනයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. තම පියා පැහැරගෙන ගිය බව කියන පුද්ගලයකු බදාදා තමාට කතා කළ බවත් ඔහු නිදහස් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 ක කප්පමක් ඉල්ලා සිටි බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය ඊයේ අදාළ කප්පම් ඇමතුම ලබා දුන් දුරකථන අංකය සොයාගෙන, සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන පැහැරගත් ශ්‍රී ලාංකිකයා බේරා ගෙන තිබෙනවා.

මෙම ලාංකිකයා ණය වී සිටින චිත්‍රා නම් කාන්තාව සහ ඇයගේ පෙම්වතා ඇතුලු පිරිසක් එක්ව මෙම පුද්ගලයා මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?