චීන නැවේ ප්‍රශ්නය පිටුපස සිටින අය ගැන හෙලිදරව්වක්

චීන නෞකාව සම්බන්ධයෙන් අමෙරිකාව හා ඉන්දියාව මැදිහත්වීම පිටුපස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් ද සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ඩිව් ගුණසේකර හෙළි කළේ ය.

චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් තිබේ නම් එය එම රටවල් දෙක විසඳාගත යුතු බව ද ඊට තවත් පාර්ශ්වයක් මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ශ්‍රී ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ නොබැඳි පිළිවෙතකට අනුව බව ද ඩිව් ගුණසේකර මහතා කීය.

මෙම ප්‍රශ්නය තවදුරටත් දික්ගැස්සීම වෙනුවෙන් අමෙරිකාව හා ඉන්දියාවට කේලම් කියන පිරිසක් ද මෙරට තුළ සිටින බව ත් ඔවුන්ගේ ක්‍රියා කලාප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගැටලුවලදී එසමයෙහි ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා කටයුතු කළ ආකාරයෙන්, වත්මන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කළ යුතු බව ත් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
0
හරි හිනා !
7
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?