spot_imgspot_img

චීන ජනපතිගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

චීන ජනාධිපති චීන ජනාධිපති ෂි ජිංපින් මහතාගේ රජයේ රාජ්‍ය උපදේශිකා (State Councelor) ෂෙන් යින්කින් (Shen Yiqin) මහත්මිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඇය ඇතුලු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි බවයි.

ෂෙන් යින්කින් මහත්මිය සමග චීනයේ තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

ඔවුන් අද සවස 06.30ට මාලේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම චීන නියෝජිත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?