spot_imgspot_img

චීන අවන්හලෙන් රෑට කන්න ගෙන ආ හතු සුප් එකේ පණ පිටින් මීයෙක් (වීඩියෝ)

ගලක්, කෙස් ගසක්, ආගන්තුක වස්තුවක් හෝ අප්‍රසන්න දෙයක් අනපේක්ෂිතව ඔබේ ආහාර බඳුනේ තිබී සොයා ගැනීමේ අවාසනාවන්ත අත්දැකීමට ඔබට කවදා හෝ මුහුණදීමට සිදුව තිබෙනවා ද ?

එවැනි අප්‍රසන්න අත්දැකීමට මුහුණදීමට සිදුවූ තරුණයෙකු පිළිබඳව පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.

මෙම තරුණයාට තම ආහාර බඳුනේ තිබී පණපිටින් මීයෙකු හමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිය පෙම්වතිය විසින් චීන අවන්හලකින් රැගෙන ආ රාත්‍රී ආහාර වේලක තිබූ හතු සහ නූඩ්ලස් සුප් එක්ක සිටිය දී මෙම මීයා සොයාගෙන තිබෙනවා.

සුප් තිබූ භාජනය විවෘත කර බැලීමේ දී ඟලන මීයා මුලදී විශාල හත්තක් ලෙස දුටු බවයි හේවර්ඩ් නැමැති අදාළ තරුණයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආහාර රැගෙන ආ අවන්හලට දුරකථන ඇමතුමක් ලබා දී දැනුවත් කර ඇති අතර, ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් හේවාර්ඩ්ගේ පෙම්වතිය වන එමිලි ආහාර මිලදී ගැනීමෙන් පසු මුදල් ගෙවා ලදුපතක් තබා නොතිබූ බැවින්, එය ඇය විසින් එය මිලදී ගත් බවට සාක්ෂි සැපයීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

දශක දෙකකට වැඩි කාලයක් තමන් එම අවන්හලේ විශ්වාසවන්ත පාරිභෝගිකයෙකු වූ බව පැවසූ හේවාඩ්, ඔවුන්ගේ ප්‍රතිචාරය පිළිබඳව තමන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බවයි පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
5
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?