චීනයෙන් භූතානයටත් බොරු පොරොන්දු

සතුට යන සංකල්පය ලොවට හඳුන්වා දුන් ජාතිය ලෙසින් ප්‍රකට භූතානයේ ගොඩබිම් ද චීනය මේ වන විට නතුකර ගනිමින් සිටින බවට නේපාලය කේන්ද්‍රකරගත් කලාපීය ප්‍රවෘත්ති සේවයක් වාර්තා කරනවා.

මේ හේතුවෙන් තම උතුරු අසල්වැසියා වන චීනය සමඟ භූතාන වැසියන් තරමක් නොසතුටෙන් පසුවන බවයි Pardafas පුවත් සේවය පවසන්නේ.

එම වාර්තාවට අනුව භූතානයේ ඉඩම්වලට වැඩි වැඩියෙන් හිමිකම් කියමින්, දේශසීමා ආරවුල් සමථයකට පත් කිරීම සඳහා භූතානය සමඟ සාකච්ඡා කිරීමේ චීනයේ උපාය මාර්ගය ඊට හොඳම උදාහරණයක්.

සිය ගෝලීය අභිලාෂයන් සඳහා උපායමාර්ගිකව අත්‍යවශ්‍ය වන වටිනා සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් භූමි ප්‍රදේශ ලබාදෙන ලෙස චීනය ඒ අවට කුඩා අසල්වැසියන් බිය ගන්වමින් සිටින බවයි මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

එමඟින් චීනය ඉලක්ක කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධාන භූමියට ඊසානදිගින් සම්බන්ධ කරන පටු භූගෝලීය අවකාශයක් වන ඉන්දියාවේ සිලිගුරි කොරිඩෝවයි.

2021 ඔක්තෝබර් මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් වන ‘භූතාන-චීන දේශසීමා සාකච්ඡා කඩිනම් කිරීම සඳහා වූ මාර්ග සිතියම හරහා භූතානය සමඟ ඇති ආරවුල විසඳා ගැනීමට චීනය කැමැත්තක් දක්වා ඇති බව පෙන්නුම් කළ ද චීනයේ සාකච්ඡා උපාය මාර්ග විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ සාකච්ඡා සඳහා අවශ්‍ය වන පරිදි, එය ස්ථිර වන තෙක් වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීම බව නේපාල වාර්තාව පෙන්වා දෙනවා.

චීනය – භූතාන දේශසීමාව කිලෝ මීටර් 500ක් පමණ දිගින් යුක්ත වන අතර ස්ථාන 04ක පමණ දේශ සීමා ආරවුල් පවතිනවා.
භූතානයේ උතුරු දිගින් පිහිටි පැසම්ලුන්ග් ( Pasamlung )සහ ජකර්ලුන්ග් (Jakarlung) නිම්නවලට චීනය හිමිකම් කීවද එම කලාප වැදගත් වන්නේය භූතානයටයි.

ඊට අමතරව සංස්කෘතිකමය වටිනාකමක් ඇති බටහිර ඩොක්ලාම් ඇතුළුව, යක් ප්‍රදේශයේ චු, සින්චුලුන්ග්පා සහ ලැන්ග්මාර්පෝ නිම්න ද චීන සහ භූතානය අතර ආරවුලට ලක්ව ඇති ප්‍රදේශ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?