චීන රජයේ විරෝධය නොකතා, ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ තායිපේ අගනුවර පැමිණීම චීනයත් තායිවානයත් අතර දැඩි අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී තිබේ.
ඇමෙරිකන් කතා නායිකාව තායිවානයට පැමිණ මිනිත්තු කීපයක් යද්දී චීනය, තායිවානය ආසන්න මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.
චීන ප්‍රහාරක ජෙට් යානා තායිවාන ගුවන් කලාපයට උල්ලංඝනය කරමින් ඊට ඇතුළු වී පියාසර කරන්න විය.
තායිවාන කෘෂි කාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් සම්බාධක පැනැවීය. චීනය තායිවානයට තර්ජනය කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී තායිවානයට තව තවත් සම්බාධක පැනැවීමට බලාපොරොත්තු වන බවය.
මේ අතර තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන්ග් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඇමෙරිකන් කතා නායිකා පෙලෝසි අවධාරණය කළේ චීනයේ ‘චණ්ඩිකම්’ වලට තායිවානය බිය නොවිය යුතු බවත්, ඇමෙරිකාවේ සහාය තායිවාන රජයට සහ ජනතාවට හිමිවනු ඇති බවත්ය.
(රොයිටර්)