චිලී හි තඹ පතලක සිරවූවෝ බේරාගැනීම⁣ට දැවැන්ත මෙහෙයුමක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

චිලී හි ලොව විශාලතම භූගත තඹ පතලේ කොටසක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

භූමිකම්පාවකින් පසු කඩා වැටුණු මෙම පතලේ දින දෙකක් පුරා සිරවී සිටින සේවකයන් සිව්දෙනක් බේරාගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සන්තියාගෝ සිට කිලෝමීටර් 100ක් දකුණින් පිහිටි රන්කගුවා හි එල් ටෙනියෙන්ටේ පතලේ කොටසක් මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.

පතලේ හිමිකාරිත්වය දරණ කොඩෙල්කෝ සමාගම පවසන්නේ බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වුව ද සිරවුණු සේවකයන්ගේ ඉරණම අවිනිශ්චිත බවයි.

බ්‍රහස්පතින්දා සිදු වූ මැග්නටියුඩ් 4.2ක භූකම්පනයක් හේතුවෙන් පතලේ උමං මාර්ග කිහිපයක් කඩා වැටී තිබෙනවා.

අන්දීස් කඳුවැටියේ ඉහළ කොටසේ පිහිටා ඇති මෙම පතල් සංකීර්ණය ලෝකයේ විශාලතම භූගත තඹ පතල ලෙස සැලකෙනවා.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පතල් ක්‍රියාකරුවන් සමඟ 100ක පමණ පිරිසක් එක්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?