චණ්ඩි පාට් දමා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරු පොලිසිය එනකොට දුරකථන කුළුණක් උඩ (ඡායාරූප)

ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළෙඳ සැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී එහි හිමිකරුගේ රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙහිවල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැග සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සැකකරු සමඟ එම කොල්ලකෑමට පැමිණි අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා රන් ආභරණ සමඟ මීට පෙර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අද අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය සොයන බවට දැන ගැනීමට ලැබීම හේතුවෙන් දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක පිහිටි අඩි 250ක් පමණ උසැති දුරකථන කුළුණකට නැග අට්ටාලයක් සාදාගෙන අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ වෙනත් පුද්ගලයෙකු සැකකරු නැග සිටි   දුරකථන කුළුණ මතට යවා ජංගම දුරකථනය හරහා ඔහු සමග සම්බන්ධ වී උපක්‍රමශීලීව සැකකරු බිමට බස්සවා ගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පොල්ගස්ඕවිට, හල්පිට පාසල් මාවතේ පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන කොල්ලකෑ රන් ආභරණ සොයා ගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

5 2
6 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
1
+1
4
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?