ඝාතකයාව රැක්ක කතක් වීරකැටියේ දී පොලිස් දැලේ

මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීමේ චෝදනාව මත කාන්තාවක් වීරකැටිය පොලිසිය මඟින් ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 19 වනදා වීරකැටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර අනුලබදීමේ චෝදනාව මතයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය වීරකැටිය, ජුල්ගහකොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය, ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු සමඟ කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට පෙර සහ පසු මෙතෙක් අනාවරණය නොවූ පාර්ශ්වයකින් ලබාදුන් මුදල් සැකකරුට ලබා දී සැකකාරිය ඔහුට රැකවරණය ද සපයා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අද (24) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 19 වනදා වීරකැටිය, ගුරුගොඩැල්ල, හකුරුවෙල ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පක්ලාගොස් තිබුණා.

මෙලස ඝාතනයට ලක්වූ තැනැත්තා 53 හැවිරිදි අතුල නැමැති පුද්ගලයෙක් වන අතර, ඔහු පුද්ගල ඝාතන චෝදනාවකට සිරගතව සිට ඇප මත සිටින අයෙකු බවටයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
3
හරි හිනා !
12
හම්මෝ !
5
මාර දුකයි !
5
මලපනිනව !
8
කුජීතයි !
10
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?