Empty Ad
AFC Banner

ගෝඨාභයගේ මිරිහානේ නිවසට දැඩි ආරක්ෂාවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට උපදෙස් බල දී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම හිටපු ගෝඨාභය රාජපක්ෂගේ නිවස අවට ප්‍රදේශය සම්බන්ධව විශේෂ සෝදිසියකින් පසුවන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පසුගිය දා තහවුරු කළා.

විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට ජනතාව දැක් වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

සති කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි ඔහු පසුගිය 11 වනදා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටව ගොස් තිබූ බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අමතිව හම්බවෙලා එළියට ඇවිත් සැපටම දෙසන සංවර්ධන නිලධාරීන්
10:00
Video thumbnail
මහත්තයට කියලා ඇන ගන්න - එහෙම කිව්වට පස්සේ වලිය ඇරඹෙයි
05:59
Video thumbnail
ග්‍රම සේවක හාල් දුන්නේ නෑ කියලා යාපනයේ මිනිස්සු යකා නටයි
02:48
Video thumbnail
මෙන්න වැඩ පටන් ගත්තු චණ්ඩි - මේක JVP එකේ ක්‍රමේ යකෝ - මාලිමාවට චෝදනා
17:14
Video thumbnail
ජනාධිපති කිව්වා විදුලිබිල අඩු කරනවා කියලා - වසන්ත කියනවා අවුරුදු 3ක් යනවා කියලා
03:18
Video thumbnail
ක්‍රීඩා ඇමති ක්‍රීඩා සංගම් හදිසියේ කැඳවයි
32:53
Video thumbnail
කන්න දෙන්න ගෙනාපු බාල බඩු තඹුත්තේගම මහේස්ත්‍රාත්තුමා ඉදිරියේදී විනාශ කරපු හැටි
04:16
Video thumbnail
සුගත් තිලකරත්න කරපු සැර කතාව
10:10
Video thumbnail
පුතාට සමාව දීලා ගෙදර යන ජනාධිපති තාත්තා
08:44
Video thumbnail
පොල් වගාව සක්‍රීය කරලා අපි පොල් දෙන්නම් - මාලිමා මන්ත්‍රී කියයි
12:07

?