ගොවීන්ට අවශ්‍ය සහන සලසන්න රුපියල් මිලියන 56,000ක්

මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ අවසන් කළ යුතු ව්‍යාපෘති සම්බන්ධව සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විශේෂයෙන් ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජය විසින් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වගා කටයුතුවල දී මුලික වියදම් ඉහළ යාම නිසා ගොවි ජනතාව මහත් අසීරුතාවයන්ට පත්වන අතර ඇතැම් විට නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා තම අස්වනුවලින් ප්‍රමාණවත් තරම් ලාබයක් නොලැබෙන බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතුවල දී දැරීමට සිදුවන මූලික පිරිවැය අවම කිරීම සඳහා මෙම මුදල් වැය කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?