ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණව මිලට ගන්නැයි ඉල්ලමින් පුත්තලම ගොවීන් උද්ඝෝෂණයේ (ඡායාරූප)

පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් නෙලා ගන්නා වී අස්වැන්න සාධාරණ මුදලකට මිලදී ගන්නා ලෙස බල කරමින් ගොවීන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (30) දින ආරච්චිකට්ටුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වුනා.

පුත්තලම දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය විසිනුයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන් කුඹුරු වගා කිරීම වැසි ලැබීමත් සමඟ ආරම්භ කරන බවත්, ‍එම ගොවීන් මේ වන විට අස්වැන්න නෙලීම් ආරම්භ කර ඇති බවත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියා.

නෙලා ගන්නා වී මිලදී ගැනීමට රජය මේ වන තුරු කිසිදු වැඩ පිළිවෙළක් සකස් කර නොමැති බවත්, මෙම තත්ත්වය නිසා පුද්ගලික වෙළදුන් ඉතාමත්ම අඩු මුදලකට තම අස්වැන්න කොල්ල කන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

අක්කරයක වී වගා කිරීම සඳහා අවම වශයෙන් රුපියල් 1,50,000 කට වැඩි මුදලක් වැය වන බවත්, ඒ අනුව අවම වශයෙන් වී කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 150 ක මුදලකට මිලදී ගැනීමට රජය ක්‍රමවත් වැඩ පිළීවෙලක් සකස් කළ යුතු බවත් ඔවුන් කියා සිටියා.

අනතුරුව මේ සම්බන්ධයෙන් සකස් කරන ලද ලිපියක්ද ආරච්චිකට්ටුව ගොවිජන සංවර්ධන නිලධාරීවරයා වෙත බාර දීම සිදු කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?