ගොවිපලක කුකුල් මස් හොරෙන් අලෙවි කළ සේවකයන් දෙදෙනෙකු රිමාන්ඩ්

බඩල්ගම ප්‍රදේශයේ සත්ව ගොවිපලකින් රුපියල් දහසය ලක්ෂ තිස් දෙදහසක් (1,632,000.00) වටිනා කුකුල් මස් තොගයක් හොරෙන් අලෙවි කළ එම සත්ව ගොවිපලේ කළමනාකරු සහ සහකාර කළමනාකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සත්ව ගොවිපොලේ කුකුළන්ගේ අඩුවක් ඇති බවට එහි හිමිකරු අනාවරණය කරගැනීමෙන් අනතුරුවයි ඔහු මේ සම්බන්ධයෙන් බඩල්ගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම සත්ව ගොවිපළෙන් කුකුල් මස් තොග වශයෙන් මිලට ගන්නා පාරිභෝගිකයන්ට අවස්ථා දෙකකදී කුකුල් මස් කිලෝ 2400ක්, සැකකරුවන් විසින් නීත්‍යානුකූල නොවන අයුරින් අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මෙම පුද්ගලයන් දෙදෙනා අනුරාධපුරය සහ නුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?