ගොයම් ගසකින් ඇල්ලූ මධුවන්තිගේ ඝාතකයා

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියගේ ඝාතකයා සොයාගැනීමට හැකි වුණේ ගොයම් පැළයක් මඟින් බව අස්ගිරිය පොලිසිය පවසනවා.

අදාළ කාන්තාව ඝාතනය කර ඇයගේ සිරුර කුඹුරක මඩ වගුරක දමා ඒ මත සිට වූ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට ලබාදීමෙන් පසුව පොලිස් නිල සුනඛයා ගමන්ගත් මාර්ගයේ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙලෙස හැකිව තිබෙනවා.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා කිලෝ මීටර් තුනක් පමණ දුරකින් පිහිටි ඝාතකයාගේ නිවසට ගොස් නතර වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම නිවසේ සිටි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙලෙස හැකිව ඇත්තේ.

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් පසුගිය 11 වනදා සොයා ගැනීමට හැකි වුණා.

එලෙස හමුවුණේ 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියක්.

මියගිය තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමක දී සිරුර අදාළ කුඹුරේ තිබී සොයා ගැනුණා.

පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී ඝාතනය සිදුකළ හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකිව මෙලෙස ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?