AFC Banner
AFC Banner
Empty Ad

ගොඩගත් ඉෂාලිනිගේ දේහය පේරාදෙණියට රැගෙන යෑමට පියවර

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

හැටන් ඩයගම පොදු සුසාන භූමියේ දැරියගේ සිරුර මිහිදන්කර තිබූ අතර නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීම සිදුවන බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ එම සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතව තිබේ.

අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දැරියගේ සිරුර ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?