ගෙළ සිරකර කාන්තාවන් මරා දේපළ කොල්ල කෑ අපරාධකරුවෙක් අල්ලයි

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙළ සිරකර ඝාතනය කළ පුද්ගලයෙකු ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ (2022) නොවැම්බර් වන මස දෙවන දින ඉත්තෑපාන ප්‍රදේශයේ කාන්තාවක් ගෙළ සිරකර ඝාතනය කර දේපළ කොල්ලකෑම සහ මෙම වසරේ පෙබරවාරි මස පළමු වනදා කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙළසිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑ,ඒ සිද්ධීන් සම්බන්ධවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇල්පිටිය, අවිත්තාව ප්‍රදේශයේ දී පෙරේදා (16) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි වියේ පසුවන යගිරල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කොල්ලකන ලද දේපළවලින් කොටසක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ඇල්පිටිය අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු අද (18) දිනය දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
5
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?