ගෙළිඔයදී අතුරුදන් වූ පොලිස් සැරයන්ගේ සිරුර හමුවෙයි

රාජකාරී නිමකර නිවසට එමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුර ගැටඹේ පාසල අසල මහවැලි ගෙඟ් තිබී ඊයේ (01දා) හමු වූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මහනුවර ගම්පොළ මාර්ගයේ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා (30දා) අතුරුදන් වූ බව කියන පොලිස් සැරයන්වරයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිව තිබියදී ඔහුගේ සිරුර ඊයේ හමුවී ඇත්තේ ගෙළිඔය සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් තිබියදීයි. නල්ලතන්නිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ලද මෙම සැරයන්වරයා පසුගිය 29දා නිවසට එමින් සිටියදී ගෙළිඔය නගරයේදී අතුරදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. 

ගෙළිඔය නගරයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු ජලයේ ගසා ගෙන ගියේද යන සැකය මත පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීහු කණ්ඩායමක් ගෙළිඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඒ. ඒ. සමරනායක (55) නමැති දෙදරු පියෙක් . සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05
Video thumbnail
දහස් ගණනකගේ දිවි බේරූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්
01:46


?