Fly high Get bonus Aviator Phone

ගෙවුණු මාස හතට වෙඩිතැබීමේ සිදුවීම් 79ක් – 52ක් මරුට

ගත වූ මාස 07 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් මියගොස් ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මෙලෙස වාර්තා වූ වෙඩිතැබීම්වලින් සිදුවීම 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති බවත්, තවත් වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?