එදා පටන් ම සමාජය තුළ කාන්තාවන්ට ලැබුනේ දෙවෙනි තැන.නමුත්,කාන්තාවන් කියන්නෙත් පිරිමින් හා කරට කර හැප්පෙන්න පුළුවන් කොට්ඨාසයක් කියන එක වර්තමානයේ ඔප්පු කර පෙන්නු අවස්ථා ඕනෑ තරම් ය. සිරිමාවෝ බණ්ඩාරනායක,සුසන්තිකා ජයසිංහ, මාලනී ෆෝන්සේකා, ඊට උදාහරණ කිහිපයකි. තම දක්ෂතාවයෙන්,උත්සහයෙන් හා කැපවීමෙන් දෙස්-විදෙස් තම නම බැබලවු ඒ සියලු කාන්තාවන් දිරිය කාන්තාවන් ය.
ගෙවතු අලංකරණ (ලෑන්ඩ්ස්කේපින්) ක්ෂේත්‍රයේ ද, තම නම බබලවමින් යන එවෙනි දක්ෂතාවයෙන් යුත් දිරිය කාන්තාවක් අපට හමුවුනා.ඇය නමින් සසීනා කොස්තා.ඇගේ කටයුතු ගැන, අපි මෙලෙස කතාබහ කළා.
1- සසීනා ගෙවතු අලංකාරය (ලෑන්ඩ්ස්කේපින්ග්) කරන්නේ කොයි කාලේ ඉදන් වගේද?
—-මම ඉගෙන ගත්තෙනම් 1996 වගේ.දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයෙන්, ඊට පස්සේ මම පේරාදෙණිය බොටනිකල් ගාර්ඩ්න් එකේ ට්‍රෙයිනින්ග් කෝස් එක කරා. ඒකෙන් පස්සෙ ඉඳන් මේ රැකියාවේ නියැලෙනවා.
2- රැකියාව විදියටම ද මේ ගෙවතු අලංකරණය කරන්නේ? එහෙමත් නැත්තන් විනෝදාංශයක් විදියට ද?
—-රැකියාවක් විදියට තමයි කරන්නේ නම්.. ව්‍යාපාරයක් විදියට කරන රැකියාවක් කිවුවොත් හරියටම හරී.
3- කාන්තාවක් විදියට මේ වගේ දෙයක් කරන්න හිතුවේ ඇයි?
—-මට ඕනේ උනේ තවත් කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක් නොවි මගේ ම කියල ව්‍යාපාරයක් කරන්න ඕනේ කියන එක තමයි මට මුලින්ම තිබ්බේ.අනිත් එක මම ගොඩක් ආසයි ගස්වැල් එක්ක,සොබාදහමත් එක්ක ඉන්න.ඉතින් මේ වෘත්තිය තෝර ගන්න ඒකත් හේතුවක් උනා.ගෑනු කෙනෙක් වුනාම ඉගෙන ගෙන ගේ ඇතුලෙම හිර වෙලා ඉන්න ඕනේ නෑ ඇත්තටම. පිරිමි අය විතරක් කරන රස්සවක් විදියට තමයි ගොඩක් දෙනා මේක දකින්නේ,ඒ උනාට මේක හරිම විනෝදයි.අලුත් අලුත් දෙවල් කරලා ඒක දිහා බලලා සතුටු වෙන එක තරම් තවත් සතුටක් තවත් නෑ ඇත්තටම.නිර්මාණයක් කරලා ඒක දිහා බැලුවාම මේක මම ද කරේ කියලා හිතෙනවා ඕනේ තරම්…
4- මේ තැනට එන්න උදව් කරේ කවුද?ලැබුණ සහයෝගය කොහොමද?
—- ඇත්තටම මට මෙතනට එන්න උදවු කරේ වේයන්ගොඩ විමල් දිසානායක කියන ගුරු මහත්තයා. බල්ලපාන දිස්ත්‍රික් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ තමයි එතුමා ඒ දවස් වල වැඩ කරේ, 1996 දී.ඔහුගේ ගුරුහරුකම් තමයි මට මේ පිහිටල තියෙන්නේ.ඉස්කෝලේ යන කාලේ ඉඳන් ම මේ දේ මගේ ඇගේ තිබ්බා.මම කරෙත් චිත්‍ර උසස්පෙළ ට. ඒ දේවල් ඔක්කොම එක්ක තමයි මේ කලාව මට පිහිටලා තියෙන්නේ.
5- සසීනාගේ අතින්, ගෙවතු අලංකරණයට ලබාගන්න පුළුවන් මොන වගේ දෙවල් ද?
—- සේවාදායකයන්ගේ කැමැත්තට තමයි මම මුලින්ම ඉඩ දෙන්නේ.මුලින්ම සේවාදායකයව තේරුම් ගන්නවා මම. එයා කාර්‍ය බහුල කෙනෙක් නම්, මම එයාට ගෙදර ආවා ම මානසික සැහැල්ලුව වෙනුවෙන් මෙහෙම දෙයක් කරොත් හොදයි කියලා මුලින්ම අවබෝධ කරල දෙනවා.ලෑන්ඩ්ස්කේපින් කරන්න ඕනේ ඇත්තටම බොරුවට ලොකුවට වියදම් කරලා කාටවත් පෙන්න නෙමේ.අපේ මානසික තෘප්තිය වෙනුවෙන්.
6- සසීනාගෙන් සේවා ලබා ගත්ත සේවාදායකයොන්ගෙන් ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?
—-ඇත්තටම මේ ළගඳි මම ගැන පළවුනු ලිපියක් හින්දා මේ දවස් දෙක තුනට නම් ගොඩක් හොඳ කමෙන්ට්ස් එනවා.සසීනා කොස්තා කිවුව ගමන් මං කවුද කියලා දන්නවා වගේ ගොඩක් හොඳ කමෙන්ට්ස් එනවා. මට හොඳ ඉල්ලුමක් තියෙනවා මොකද නිර්මාණ වලට ඕනේ අමුද්‍රව්‍ය වල ඉඳන් හදාගෙන තමයි මම නිර්මාණ කරන්නේ.ගෝලයෙක් දාල කරද්දි සේවාදායකයගෙ විශ්වාසය නැති වෙන්න පුළුවන් එයා හරියට කරයි ද කියලා..ඒ හින්දා මම ම කරනකොට එයාලට විස්වාසය තියෙනවා, එයාලගෙ හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඒකත් මට එක හේතුවක් වෙන්න ඇති.
7- මේ ක්ෂේත්‍රය කරද්දි සසීනාට අභියෝග එහෙම ආවද?
—-අභියෝගයක් කියලා ලොකුවට දෙයක් තාම ඇවිත් නෑ.කිසිම වේලාවකට මම කිසි දෙයක් බෑ කියලා හිතන්නේ නෑ.කොහොම හරි කරනවා කියන උත්සහය මට තියෙනවා.මට බාහිර කාගෙන්වත් කිසිම බලපෑමක් ආවෙත් නෑ. මොන තරම් අසීරු නිර්මාණයක් ආවත් මම උපරිම හොඳට ඒක කරනවමයි.
8- ඉදිරියේදී මේ ක්ෂේත්‍රයේ වෙනස් දෙයක් එහෙම කරන්න බලපොරොත්තුවක් තියෙනව ද?
—-එක තැනක කරපු දෙයක් තව කෙනෙක් කරන්න කියලා ඉල්ලුවට මම කැමති නෑ ඒකම කරන්න මට ඕනේ සේවාදායකයා කැමති විදියට අලුත් අලුත් දේ කරන්න. මම නිර්මාණ කරන්නේ අච්චු වලින් නෙමේ අතින්මයි ඒ හින්දා මට දැනෙනවා මීට වඩා මෙහෙම මේක කරොත් හොඳයි කියලා ඒ හින්දා නිතරම අලුත් අලුත් නිර්මාණ මගේ අතින් බිහි වෙනවා.වෙන කෙනෙක් කරපු දෙයක් කරන්න මම කැමති නෑ.
9- දිරිය කාන්තාවක් විදියට, අනෙක් කාන්තාවන්ට කියන්න දෙයක් එහෙම තියෙනව ද?
—-කසාඳ බැදපු අය ගොඩක් වෙලාවට අසරණ වෙනවා රස්සාවක් කරන්න ගත්තොත් මොකද, දරුවෝ බලාගන්න කෙනෙක් නෑ, දරුවො දාලා යන්න කෙනෙක් නැති වෙන හින්දා.තව පිරිසක් ඉන්නවා හොඳට ඉගෙන ගෙන උසස් රැකියාවක් බලාපොරොත්තුවෙන් ගෙදරට වෙලා ඉන්න. එයාලගේ දැනුම ගොඩක් පුළුල් ඒ හින්දා එයාලට පුළුවන් මේ වගේ දෙයක් ඉගෙන ගන්න, ඉගෙන ගෙන සේවකයෝ දම්මලා අමතර රැකියාවක් විදියට මේක කරන්නත්.එත්කොට කාගෙවත් යටතේ අපි වැඩ කරන්න ඕනේ නෑ.ස්වාධීනයි අපි. ඒ වගේම ඉගෙන ගත්ත නැති කෙනෙක්ට වුනත් අත් උදවු දීල හරි රස්සාවක් නැතුව අසරණ නොවි ආදායම් ලබන්න පුළුවන් මේ වගේ දේකින්.එහෙම කවුරු හරි ඉගෙන ගෙන නැති රස්සාවක් බලපොරොත්තු වෙන ගෑනු අය ඉන්නව නම් මං ගාවට හරි එන්න ගෙදරට වෙල නිකන් හිර වෙලා ඉන්න එපා.මොනවම හරි දෙයක් කරන්න.අපේ ගම් වල සමහර ගෑනු අය ඉන්නවා රස්සාව විදියට බීඩි ඔතනවා.ඇත්තට ම ඒ දේවල් සෞඛ්‍යයට අහිතකරයි. ඉතිං එහෙම දෙයක් නොකර, කොහෙ හරි තැනක් ලස්සන කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. මොන ප්‍රශ්න ආවත් දක්ෂකම් අමතක කරලා වැටෙන්න හොඳ නෑ.කොහොම හරි ඒක කරල පෙන්නන එක තමයි කාන්තාවක් කරන්නම ඕනේ දේ.කාන්තාවන් ට බෑ කියලා දෙයක් නෑ කියන තැන මම ඉන්නවා.
10- ඔබෙන් සේවාව ලබාගන්න කැමති කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද?
—-ෆේස්බුක් එකේ නිතරම මගේ විස්තර ශෙයාර් වෙනවා මම දකිනවා.මගේ නම්බර් එක ප්‍රසිද්ධියෙ තියෙනවා ඒ හින්දා ඕනේ වෙලාවක මට කතා කරන්න පුළුවන්.මම ලංකාවේ ඇවිදින්න ආස කෙනෙක් ඒ හින්දා ඕනේ තැනක, ප්‍රදේශයකට ඇවිත් ලස්සන නිර්මාණ කරන්න මම කැමති. ඕන කෙනෙක්ට මට කතා කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මම ගැහැනියෙක් ඒ හින්දා විවිධ විදියට බලන සමහර අය ඉන්නවා මේ සමාජයේ.මට කියන්න තියෙන්නේ කාන්තාවක් විදියට උපරිම ගෞරවය දෙන්න.කාන්තාවක් කියන්නේ සහෝදරියක්,මවක්,දියණියක් විදියට සලකන්න.ඒ හින්දා එයාලට මානසික පීඩනයක් ගෙන දේවල් වලට කතා නොකර රාජකරියට කතා කරලා ඒක අගය කරලා ඒකට ගෙවීමක් කරලා අවශ්‍ය සේවය සපයා ගැනීම තමයි කරන්න තියෙන එකම දේ කියලා තමයි මට කියන්න තියෙන්නේ.