ගුවන් යානය තුළ දී මගියෙකුගේ ඇඟට මුත්‍රා කළ ඉන්දීය සිසුවාට ගුවන් ගමන් තහනමක්

පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ දී ගුවන් මගියෙකුගේ ශරීරයට මුත්‍රා කිරීමේ සිද්ධියකට චෝදනා ලැබූ ඉන්දීය ජාතිකයාට ඇමරිකානු ගුවන් සේවය විසින් ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු ගුවන් සේවය නිවේදනය කරන්නේ මෙම මගියාට තම ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ගමන් කිරීම තහනම් කරන බවයි.

නිව්යෝර්ක් සිට නවදිල්ලිය දක්වා ගමන් ගත් ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයකට අයත් ගුවන් යානයක බීමතින් සිටි ඉන්දීය ශිෂ්‍යයෙකු තවත් ගුවන් මගියෙකුගේ ඇඟට මුත්‍රා කළ පුවතක් විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

මෙලෙස මුත්‍රා කළ පුද්ගලයා ඇමෙරිකාවේ සරසවියක ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවකු බවත් එම අවස්ථාවේ ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණා.

නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට යානය ලඟා වූ පසු එම සිසුවා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් ගුවන් තොටුපල පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.

මෙම මගියාට එරෙහිව ගුවන් තොටුපල පොලිසිය නීතිමය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?