Indian Premier League

ගිනි අවියක් හා කඩු දෙකක් සමඟ කඹුරුගමුව ප්‍රදේශයේ සැරිසැරූ තුනක් STF අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත උණ්ඩ බැරලයක් හා සම්බන්ධ කළ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා කඩු 02ක් සන්තකයේ තබාගෙන සැරිසැරූ පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඹුරුගමුව – කොටවිල මාර්ගයේ දී සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් ඊයේ (12) අත්අඩංගුවට ගත බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මොවුන් යම්කිසි අපරාධයක් සඳහා ත්‍රිරෝද රථ දෙකකින් කඹුරුගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටින බවට ලද තොරතුකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29, 34 හා 35 යන වයස්වල පසුවනන් වනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?