ගින්නකට මැදි වී 30 හැවිරිදි මව සහ දරු දෙදෙනා ජීවිතක්ෂයට (ඡායාරූප)

අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

30 හැවිරිදි වියේ පසු වූ මව, 10 හැවිරිදි වියේ පසුවූ දියණිය සහ 05 හැවිරිදි වියේ පසු වූ පුතා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි ඇලයාපත්තුව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ 36 හැවිරිදි පියා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරකරනු ලබනවා.

1 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
95
මලපනිනව !
6
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?