ගෑස් ප්‍රශ්නෙට දීපු ලැජ්ජා හිතෙන විසඳුම….

දෙසැම්බර් 04 වනදාට පෙර අලෙවි කළ නමුත් මුද්‍රා ඉවත්කර නොමැති පැරණි මුද්‍රාව සහිත සියලු ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වන ලෙස රජය ලබාදුන් නියෝගය පිළිබදව ලැජ්ජා විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතායි මේ බව කියා සිටියා.ආණ්ඩුව විසින් කළයුත්තේ මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර පමණක් නැවත ගෙන්වා ගැනීම නොව ප්‍රශ්නගත සියලුම ගෑස් සිලින්ඩර ආපසු කැදවීම බවයි මන්ත්‍රීවරයා
වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ.තවද එම ගෑස් සිලින්ඩර නැවත භාරගෙන එම සිලින්ඩරය මිලදී ගැනීමට ජනතාවට දැරීමට සිදුවූ වියදම ලබා දෙන ලෙසද හර්ෂණ රාජකරුණා මහතා ඉල්ලීමක් කළා.

ජනතාව තවදුරටත් අනතුරට පත් නොකිරීමට ආණ්ඩුව වගබලා ගත යුතු බවයි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?