ගෑස් අනතුරකින් පිළිස්සුණු කාන්තාවක් ජීවිතක්ෂයට

ගෑස් අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මාතලේ, උඩුපීල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 69 හැවිරිදි කාන්තාවක්. 

මාතලේ පොලිසිය සඳහන් කළේ, නොවැ. 19 වන දා අදාළ කාන්තාව ගෑස් ලිප දැල්වූ අවස්ථාවේදී ඇයගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවයි. 

ඒ අනුව, පොලිස් නිලධාරීන් එම සිදුවීම වූ ස්ථානය පරීක්ෂා කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ගෑස් සිලින්ඩරය සහ ලිප ඇතුළු උපකරණවලට හානි සිදුවී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි. 

අදාළ කාන්තාව මියගොස් ඇත්තේ පිළිස්සුම් තුවාල සහ හෘදයේ ඇති වූ සංකූලතා හේතුවෙන් බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇති බව ද පොලිසිය සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?