තරුණියන්ගේ විවාහ වීමේ වයස ඉහළ දමන්න යෝජනාවක්

ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක් ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකාය හමුවේ අදහස් දක්වමින් වෛද්‍ය මරීනා රිෆායි ප්‍රකාශ කර සිටියා. කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ යුතු බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍යවේදිනී සුහා කාසිම් සඳහන් කර සිටියේ කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 25ක් පමණ විය යුතු බව ප්‍රකාශ කළා. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි.

මුස්ලිම් කාන්තා සංවිධානයන් නියෝජනය කරමින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අදහස් හා යෝජනා ලබා දීමට පැමිණි වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදනී සුහා කාසීම් යන අය ඇතුලත් මුස්ලිම් කාන්තා අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් කාති උසවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා.

මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඕව්හු කාති ක්‍රමයේ අඩුපාඩු ඇති බවත් ඒවා වහා සංශෝධනයට ලක් විය යුතු බවත් ප්‍රකාශ කළහ. විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති අයවලුන් එම තනතුරට පත් කිරීම මෙම ගැටලුවට හේතුවක් බව ද අනාවරණය කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයින් වෙනුවෙන් දහම් කතිකාවක් | දැවෙන සිතට දම් සිසිලක් | සජීවී විකාශය 🔴
00:00
Video thumbnail
කාලසටහනක් නිසා ලංගම ප්‍රයිවට් බස් දෙගොල්ලෝ ලොකු අවුලක්
08:06
Video thumbnail
පිටකොටුවේ වැසිකිළි ගාස්තු ජාවාරම
00:50
Video thumbnail
පාසලට යන්න පිටත් වෙලා බස් රථයට නැග්ග ගුරුවරියක් අතුරුදන්
01:09
Video thumbnail
සජිත්ට චාන්ස් එකක් දෙන්න ඕනේ - 2029 ජනපති සජිත්..?
04:40
Video thumbnail
තිස්ස ලුණු ඇඹුල් ඇතුව හොදටම දෙසයි - මාලිමාවට තියෙන අසනීපේ අපිට හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි
05:45
Video thumbnail
ආශු ආණ්ඩුවේ ගුණ වයයි - ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ
04:42
Video thumbnail
මෙන්න තවත් රජ ගේමක් - සාක්ෂි එක්ක හෙළිවෙයි - බලධාරීන්ගේ අවධානයට
08:43
Video thumbnail
මොළයක් නැති හරක් ද.. නාමල් කෝමාවට ගිහින් ද..?
04:38
Video thumbnail
අම්මෝ කාගේද මේවා..? සුපිරි යතුරුපැදි රැසක් ගබඩාවක් තුළ තිබි සොයාගැනේ
01:52


?