ගාල්ල ජලයෙන් යටවෙයි (ඡායාරූප)

අද (12) පස්වරුවේ ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා.

ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල – ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග රැසක් මෙලෙස ජලයෙන් යටව තිබූ බවයි ගාල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගාල්ල – බද්දෙගම ප්‍රධාන මාර්ගය, තලාපිටිය, දංගෙදර සහ බද්දේගම යන ප්‍රදේශ ද ජලයෙන් යටව තිබූ අතර ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල නගරයෙන් සහ සංඝමිත්තා විද්‍යාලය අසලින් ජලය යටව තිබුණා.

මේ හේතුවෙන් මෙම මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වූ අතර, ජනතාව පවසන්නේ ජලය බැස යන කාණු සහ ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම මෙලෙස ජලයෙන් යටවීමට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
4
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?