ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන ගැසට්ටුවට කෘෂි ඇමති අත්සන් තබයි

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට භාරදීමට ද කටයතු කර තිබෙනවා.

ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂිවිද්‍යාඥයින්, ගොවි නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසකින් සිදුකළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?