spot_imgspot_img
spot_img

ගසක් කඩා වැටී ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනයට බාධා

අද පස්වරුවේ පැවති දැඩි වර්ෂාපතනය සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වූ බවයි.

මේ වන විට ගසෙහි කොටසක් කපා ඉවත් කර මාර්ගයේ එක් තීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කර තිබෙනවා.

අද රාත්‍රි කාලයේ ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතයට ගැනීමේ දී විමසිලිමත් වන ලෙසටයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?