ගලෙන්බිඳුණුවැව මූලික රෝහලේ රාජකාරි නියුතු සාත්තු සේවිකාවකට එම රෝහලේම සේවය කරන තවත් සාත්තු සේවිකාවක් විසින් පසුගිය දා හෙල්මටයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
මෙම පහරකෑමට ලක්වූ සාත්තු සේවිකාවගේ මුහුණට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්ව ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර පහරදීම සිදුකළ තැනැත්තිය ද යකල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක්වූ සාත්තු සේවිකාව රාජකාරි වේලාවේදී තම දරුවා රැගෙන ඒම සදහා රෝහලින් පිටව ගොස් ඇති අතර නැවත රෝහලට පැමිණ, පැමිණි වේලාව වැරදියට සටහන් කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේ දී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.