ගල්කිස්සේ කාන්තාවන් දසදෙනෙකු අත්අඩංගුවට

ඊයේ (04) දින සවස් කාලයේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකින් ගල්කිස්ස පොලිස් වසමේ විජේවර්ධන පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා ගණිකා නිවාසයක් කළමණාකරනය කිරීම සම්බන්ධව සැකකාරියක් හා එය පවත්වාගෙන යාමට සහය වීම සම්බන්ධව සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 19 ත් 38 අතර වයස්වල පසුවන මැදවච්චිය , පස්සර , ඕපනායක , මස්පන්න , මණ්ඩවිල , මොරටුව , රත්නපුර හා හෝකන්දර ප්‍රදේශවල පදිංචිකාරියන් වේ . සැකකාරියන් අද (05) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය . ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?