Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ගලගොඩඅත්තේ හිමියන්ට වරෙන්තු

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (10) අධිකරණයට නියම කළා.

2016 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ උන්වහන්සේ පෙනී නොසිටීම නිසා
මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල මෙහෙයවූ අතර නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?