ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව ගාසා තීරයේ රජයේ මාධ්‍ය කාර්යාලය පවසනවා.
මේ අතර ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කරන ප්‍රහාරයන් අවසන් වන තුරු ප්‍රාණඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කිරීමේ සාකච්ඡා නැවත ආරම්භ නොකරන බවයි හමාස් සංවිධානය පවසන්නේ.
හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කළ බව පවසමින් ඊශ්‍රායලය සෙනසුරාදා, කටාරයෙන් සිය සාකච්ඡාකරුවන් ඉවත් කර ගනු ලැබුවා.
පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා කාලය තුළ යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 15,207ක් මියගොස් ඇති අතර, ඊශ්‍රායලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200ක්.
මේ අතර ඊශ්‍රායල විසින් සිය ප්‍රහාර උත්සන්න කිරීමත් සමඟ ගාසා වැසියන් නවාතැන් සොයමින් ඔබමොබ ඇවිදින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
හමාස් සංවිධානය සමූලඝාතනය කිරීමට තමන් ක්‍රියා කරන බව ඊශ්‍රායලය පවසන්නේ එය යුදෙව් රාජ්‍යයේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් බව පවසමින්.