ගතවූ කාලය තුළ 1,678 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යයි

මෙම වසරේ ගතවූ කාලය තුල ශ්‍රී ලාංකිකයින් 1,678 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ජනවාරි මාසයේ සිට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 1,662ක් සහ කාන්තාවන් 16ක් වන බවයි.

ඒ අතරින් නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුද්ගලයින් 1,490 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර ධීවර අංශයේ රැකියා සඳහා 188 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් අතරින් 1,398 දෙනෙකු පළමු වරට රැකියා සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර 280ක් සිය මුල් සේවා කාලය අවසන් කර මෙරටට පැමිණ යළිත් පෙර රැකියාව සඳහායි පිටත්ව ගොස් ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?