ගණිකාවන්ගේ වැඩි වීමක්! ඉල්ලුමත් වැඩිවෙයි

වව්නියාව දිස්ත්‍රීක්කයට පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණෙන රහසිගත ගණිකා වෘත්තියේ නියෙලන කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් ලිංගාශ්‍රිත රෝගවල වැඩිවීමේ අවධානමක් පවතින බවට වව්නියාව දිස්ත්‍රීක් ලිංගාහ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන් භාර නිලධාරී වෛද්‍ය කේ. චන්ද්‍රකුමාර් මහතා පවසනවා.

2003 වසරේ සිට 2021 වසරේ මේ දක්වා වව්නියාව දිස්ත්‍රික්කයේ එඩ්ස් රෝගීන් 29 දෙනෙකු හඳුනාගෙන ඇති අතරම ඉන් 16 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වෙයි. එමෙන්ම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකුම මේ වන විට මිය ගොස් ඇති බවටද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ දිනවල වව්නියාව දිස්ත්‍රීක්කයට වෙනත් දිස්ත්‍රික්කයන්හි සිටද ගණිකා සේවයේ නිරත වන කාන්තාවන්ගේ පැමිණීම වැඩිවී තිබෙන බවට අනාවරණය වෙද්දි ලිංගාශ්‍රිත රෝගද 10 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයිද හෙතෙම සදහන් කළා.

මේ හේතුව නිසාම ආරක්ෂක අංශ සාමාජිකයින්ට, තරුණ ප්‍රජාවට මෙන්ම පාසල් සිසු දරුවන්ටද එඩ්ස් අවධානම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීම් සිදුකෙරෙන අතරම ආරක්ෂිත පියවර පිළිබඳවද පූර්ණ දැනුවත් කිරීම් සිදුකෙරෙන බවටද වෛද්‍ය කේ.චන්ද්‍රකුමාර් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?